ඔබ කවදාවත් මෙන්න මේ ඔසු වල තියෙන විශ්මිත ගුණ අහලාවත් නැතුව ඇති


01. තොටිල


දිය සීරාව  ඇති තැන්හි වැවෙන ගස් වෙ‍සෙසෙකි. කොළ දිගින් අඟල් 6 ක් පමණද පළලින් 31/2ක් පමණ ද වෙයි. ඇතුළත කහපාට ලොකු කහ පාට මල් හට ගනී.මලෙහි පිට පැත්ත  හා මොට්ටු දම් පාටින් යුතුයි. දිග කරල් හට ගනී.වා, පිත්, සෙම්, උණ , ආමාවාත , කැස්ස, වමන , අතීසාර සුව කරයි; බඩගිනි වඩයි; මල වියළීම කරයි.පණු රෝග නසයි; ශීතලයි; කසටයි; තිත්තයි.

02. පළොල්

රත් පළොල් ඵල පළොල් යනුවෙන් දෙ වර්ගයෙකි.කොළ දිගින් අඟල් 7ක් පමණ ද පළලින් අඟල් 4ක් පමණ ද වේ.උෂ්ණයි; බරයි; වමන හික්කා නසයි, සෙම් රෝග වාත රෝග නසයි.ඉදිමුම් නැති  කරයි; ලේ දොස් නසයි; දාහය නැති කරයි. හෘදයට හිතයි.

03. ඇද්දෙමට

සෑම පළාතෙකම වැවේ. කොළ අඟල් 61/2 ක් පමණ  දිගින් හා අඟල් 5 ½ ක් පමණ පළලින් යුතුයි.කොළ වල පිටි පැත්ත කහපාටින් යුතුයි.තුන් දොස් නසයි, උණ, දාහ, අර්ශස් නැති කරයි.පණු රෝග , ප්‍රමේහ , ඉදිමුම් සුව කරයි.ආම රුජා ,පිපාස නැති කරයි.

04. බැබිල

හීන් බැබිල , මහ බැබිල ,මහබූ බැබිල , සූළුබූ බැබිල , කොටිකන් බැබිල ,සිරිවැඩි බැබිල, කේසර බැබිල ආදී වශයෙන් වර්ග කිහිපයෙකි.තිත්තයි , බල විර්ය වඩයි, සෙම් රෝග නසයි, විෂ්මජ්වර, ප්‍රමේහ, උණ නසයි, වාතාර්ශස් ගුණ කරයි.

05. බටු

වා, සෙම්, මේද නසයි; බඩගිනි වඩයි; පණු රෝග නසයි,කැස්ස ,ඇදුම , අරුචි පහ කරයි; හෘදයට හිතයි; කුෂ්ඨ, ග්‍රහණි නසයි.දිරවී‍ෙම් පහසුයි.කටුකයි, තිත්තයි, මුල් ඖෂධ සඳහා ද ගෙඩි  ආහාර සඳහා ද ගනු  ලැබේ.

06. කටුවැල්බටු

වියළි කලාපයෙහි හොඳින් වැවෙතත්, වැඩි වශයෙන් ඉන්දියාවෙන් ගෙන්වා ඖෂධ සඳහා යොදා ගනු ලැබේ.උෂ්ණයි, කටුකයි, තිත්තයි, උණ,  හෘද රෝග, අරුචි, අජීර්ණ, රුජා නසයි.

07. අස්වැන්න

සෑම පළාතෙකම වැවෙන අඟලක් පමණ දිගින් හා අඟල් ½ ක් පමණ පළලින් හා යුතු කොළ ඇති ලතා වෙසෙසකි. දම්පාට මල් හා හීන් කරල් හටගනී. ධාතු වඩයි.ප්‍රමේහ ඉදිමුම නසයි. වමන අතීසාර නැති කරයි. උණ සමනය කරයි.

08. පොල්පළා

වාත නාශක හා විෂ නාෂක ගුණයෙන් යුතුයි. රුචිය ඇති කරයි. බඩගිනි වඩයි. තුවාල සුව කරයි. මුත්‍ර වැඩි කර බැහැර කරන  හෙයින් ශරීරයේ ඉදිමුම නැසීමේ ගුනයෙන්ද යුතු වෙයි.

09. මිදි

මහ මිදි, හීන් මිදි  යනුවෙන් වර්ග දෙකෙකි.කොළ අඟල් 4ක් පමණ  දිගින් හා අඟල් 2 1/2 ක් පමණ පළලින් යුතුයි. ඉතා කුඩා කහ පාට මල් හට ගනී. පාන්ඩුව හා වාත රෝග නසයි.අජීර්ණ සුව කරයි.බඩගිනි වඩයි.මල බද්දය නැති කරයි. උෂ්ණයි, තිත්තයි, කටුකයි, ඉදිමුම් සඳහා මුලේ පොතු අඹරා ගෑමෙන් ගුණ ලැබේ.

10. රසකිඳ

වියළි කලාපයෙහි කැලෑබදව ලොකු ගස් වල එතී වැවෙන වැල් වෙසෙසෙකි, රසකිඳ, ගැටකිඳ , දික්කිඳ ආදී වශයෙන් ගැනෙතත්, රස ගුණ ආදීයෙහි වෙනස්කම් ඇතත්, ස‍ියලු වර්ගම ඹෟෂධ වශයෙන් ගනු ලැබේ.
තිත්තයි; කසටයි; ආයු වඩයි; ගිනි වඩයි; තුන් දොස් සමනය කරයි; පාණ්ඩු, ප්‍රමේහ, අජීර්ණ, පණු රෝග කුෂ්ඨ රෝග සුව කරයි.

11. ඉරිවේරිය

 මෙම පැළෑටිය බොහෝදෙනා වරද්දා යොදන බව ඇතැමුන්ගේ මතයයි. එහෙත් වැඩි දෙනා ඖෂධීය වශයෙන් යොදා ගන්නා මෙහි ඇති ගුණයෙහි අඩුවෙක් නොපෙනේ. උණ , අතිසාර , අරුචි, වමන , පිපාස, දාහ සුව කරයි, රත්පිත් හෘද රෝග ආදියට ද ගුණ ලැබේ.

12. කෙළිඳ 

 රතු මල් සහ සුදු මල් ඇති වර්ග දෙ‍ෙකකි.බෙ‍ෙහත් සදහා ගත යුතු සුදු මල් ඇති වර්ගයයි. රතු මල් ඇති වර්ගය විෂ සහිතයි.කොළ අඟල් 5-6 ක් පමණ දගින් ද 2 ½ ක් පමණ පළලින් ද යුතුයි. කසටයි, ශිතලයි, බඩගිනි වඩයි, අර්ශස් , අතීසාර , ආමාවාත, කුෂ්ඨ රෝග සුව කරයි.

13. වෙනිවැල්

ගම්බඳ පළාත්හි වෙනිවැල් බාන්වැල් යනුවෙන් හදුන්වන මෙහි කොළ අඟල් 6 ක් පමණ දිගින් හා අඟල් 5 ක් පමණ පළලින් යුතුය; මල් කහ පැහැයෙන් හා ගෙඩි දුඹුරු පැහැයෙන් යුතු වෙයි.සිහින් කරල් හට ගනී.ධාතු වඩයි; වීර්ය වඩයි; ප්‍රමේහ , ඉදිමුම් නසයි; වමන අතීසාර ගුණ කරයි. අඟල් 5 – 6 ක් පමණ  දිගින් ද 2 ½ ක් පමණ පළලින් ද යුතුයි; කසටයි; ශිතලයි; බඩගිනි වඩයි; අර්ශස් , අතීසාර, ආමාවාත, කුෂ්ඨ රෝග සුව කරයි.

14. කරාබු නැටි

කටුකයි, රුචි කරයි; සෙම්, පිත්, ලේ දොස් නසයි; රුජා, හික්කා, හෘද රෝග නසයි.කරාබු නැටි වරකට දිය යුතු ප්‍රමාණය කලං ½ කට වැඩි නොවිය යුතුය.

15. වලඟසාල්

අප රටේ සෑම පළාතෙකම වාගේ වවාගත හැකි මෙම ඖෂධීය පැළෑටීය වර්ග දෙකක් ලෙස ගැනෙතත් ගුණය අතින් වැඩි වෙනෙසක් නොපෙනේ.එහෙත් අප වැඩි වශයෙන් භාවිතයට ගනු ලබන්නේ ඉන්දියාවෙන් ගෙන්වනු ලබන වලඟසාල් මිස අප රටේ වැවෙන වර්ග නොවේ.ඖෂධ වශයෙන් යොදා ගන්නට පළමු වලඟසාල් මඳක් කබලේ බැද ගන්න. වලඟසාල් උෂ්ණයි, අජීර්ණ,අරුවි, පණු රෝග, ප්‍රමේහ රෝග , හෘද රෝග සුව කරයි.

16. එරඬු

සෑම පළාතකම කලෑබදව වැවෙයි.සුදු රතු වශයෙන් දෙවර්ගයෙකි.මහ එරඬු හීන් එරඬු වශයෙන් ද දෙගොඩකට බෙදේ. කොළ , මුල්සහ ඇට ද , තෙල් ද ඖෂධ වශයෙන් ගැනේ.උෂ්ණයි; කටුකයි; විරේචනයි; හිස රුජා , බඩ පිපුම්, කුෂ්ඨ , ගුල්ම, ප්‍රමේහ,අණ්ඩවෘද්ධි සුව කරයි.

17. වං ඇපල

මෙය බලවත් ඔසු ගුණ අඩංගු පැළෑටියෙකි.පපුවේ ‍‍රෝගා බාද වලට, කැස්සට, පීනසට ගුණදායකයි. සෙංගමාලය, හෘද රෝග ,උණ නසයි. තිත්තයි, කටුකයි, සීතලයි. පාවට්ටා, අගල්ආධාර , ආඩතෝඩ යනුවෙන් ද මෙම පැළෑටිය හඳුන්වනු ලබයි.

18. අනෝද

අනෝද කොළ දිගින් අඟල් 3ක් පමණ ද පළලින් අඟල් 2 ½ ක් පමණ ද වේ. මල් කහ පාටින් යුතුයි.උෂ්ණයි, කසටයි , වා , සෙම් නසයි ; ඉදිමුම් රුජා නසයි.     


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


Newest
Oldest